අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris දිලීර ආසාදනය පිළිබඳවය.
මෙම දිලීර ආසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණ ද මාසයක් තුළදී වොෂින්ටන් හි ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත.
ඉතා වේගයෙන් ආසාදනය විය හැකි Candida auris ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බව සඳහන් වෙයි.
Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි.
ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතව ද මෙම Candida auris ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.