මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ නිවසකදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 10 හැවිරිදි වියේ පසුවූ කුඩා දරුවෙකු මියගොස් තිබේ.
අදාළ නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක් අතර බැඳ තිබූ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටියදී ඉන් එක් කණුවක් කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණි.
එම කොන්ක්‍රීට් කණුව පපුව මතට වැටිමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙම දරුවා අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ පදිංචි අතර අනතුර සිදුවූ නිවසේ තිබූ ඥාති නිවසේ කොටහළු මංගල උත්සවයක් හේතුවෙන් එහි පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.
මොණරාගල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි දරුවාගේ නිවස වෙත ගෙනගොස් ඇත.
දොඹගහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.