අමෙරිකාවෙන් එල්ල වන තර්ජන සඳහා ප්‍රතිචාර දක්වන බව ඉරානය අනතුරු අඟවයි.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ ප්‍රධානී, හොසේන් සලාමි ඒ බව පවසා තිබුණි.
ජෝර්දාන – සිරියා දේශසීමාවේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට පසුගියදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් තිදෙනෙක් මියගිය අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඊට ඉරානය සම්බන්ධ බවය.
ඊට දැනෙන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින ලෙසත් ඔහු පැවසීය.
“අමෙරිකානු නිලධාරීන් ගේ තර්ජන ගර්ජන අපිට ඇහෙනවා. අපි කියන්න කැමතියි ඔවුන් දැනටමත් අපිව පරීක්ෂා කරලා තියෙන්නේ. අපි එකිනෙකාව හොඳින් දන්නවා. එම කිසිදු තර්ජනයක් ප්‍රතිචාරයකින් තොරව ඉවතලන්නේ නෑ…” යනුවෙන් සලාමි පැවසීය.