මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වන බවය.
මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී තිබේ.
මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.