චීනයේ සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා ඉන්දියාව සාමාන්‍ය වීසා මාර්ග නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.
ඉන්දියාවට යන චීන පුරවැසියන් සඳහා එය මහත් පහසුවක් වනු ඇතැයි ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.
ඔන්ලයින් හමුවීම් ඉවත් කිරීම, ඇඟිලි සලකුණු නිදහස් කිරීම සහ තාවකාලික ගාස්තු අඩු කිරීම වැනි සහන සැලසීම ඒ අතරින් ප්‍රමුඛය.
2023 වසරේදී චීනය විසින් ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 180,000කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි ද ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය පවසා තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශකයා පවසා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය විසින් ඉන්දියානු පුරවැසියන්ට චීනයට ගමන් කිරීමට පහසුකම් සැලසීමට පියවර රැසක් ගෙන ඇති බවය.