ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 හා චීනය සමුළුව ඇමතීමට නියමිත ව තිබෙනවා.
උගන්ඩාවේ කම්පාලානුවරදී එම සමුළුව අද පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස 77 කණ්ඩායම හැදින්විය හැකියි.
එහි නව සභාපතිත්වය කියුබාවට මෙවර හිමිවීමට නියමිතව තිබෙනවා.
උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට කම්පාලා නුවරට ගොස් සිටිනවා.