Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 2025

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ජනගහනයේ අඩු වීමක්
    International

    චීන ජනගහනයේ අඩු වීමක්

    By LFNJanuary 18, 2024No Comments1 Min Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ.

    ඊයේ (17) දිනයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවට අනුව 2023 වසර අවසන් වන විට චීන ජනගහනය බිලියන එකයි දශම 4යි බින්දුවයි 9ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව මිලියන 2යි දශම බින්දුවයි අටක අඩු වීමක් බව වාර්තා වේ.

    වසර 60කට පසු පළමු වරට චීන ජනගහනයේ අඩු වීමක් 2022 වසරේ දී පෙන්නුම් කළ අතර, 2023 වසරේ දී එම අඩු වීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එක් පවුලකට එක් දරුවෙකු ලෙස 1980 වසරේ දී චීන රජය විසින් හඳුන්වාදුන් මතභේදාත්මක ප්‍රතිපත්තිය හේතුවෙන් දශක කිහිපයක සිට එරට ජනගහන වර්ධන වේගයේ අඩු වීමක් පෙන්නුම් කර තිබිණි.

    ජනගහනය අඩු වීමත් සමග එම ප්‍රතිපත්තිය 2015 වසරේ දී ඉවත් කිරීමට චීන රජය පියවර ගත් නමුත් ආර්ථික තත්ත්වය හා කොවිඩ් වසංගතය ඇතුළු කරුණු හේතුවෙන් එරට ජනතාව විසින් තවදුරටත් දරු උපත් සීමා කිරීම් සිදු කරන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    මේ වන විට චීනයේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය මිලියන 296යි දශම 9යි 7ක් වන අතර එය සමස්ත ජනගහනයෙන් සියයට 21යි දශම 1ක් බව ද සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 20250118 Views

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය…

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.