Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තෛපොංගල් දිනය අදයි
    Hot News

    තෛපොංගල් දිනය අදයි

    By LFNJanuary 15, 2024No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

    ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බවය.

    වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පවසයි.

    ස්වාභාවධර්මය සමග බැදි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දෙමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සුර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

    එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවද තෛපොංගල් දින පණිවුඩයෙන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දින පණිවුඩයක් යොමුකරමින් ස්වාභාවධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට එක්වන ලෙස සියලු ලෝකවාසී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

    මේ අතර තෛපොංගල් දිනය නිමිත්තෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    තෛයිපොංගල් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවුවන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    ඒ අනුව, හින්දු ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර පාර්සල් හා රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,606 Views
    Don't Miss

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 202604 Views

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.