පාකිස්තානයේ PTI පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ ෂා කාලීඩ් නමැති පුද්ගලයෙකි.
PTI යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන අතර ඝාතනය කර ඇති පුද්ගලයා ඔහුගේ සමීපතමයෙකු බවද පැවසෙයි.
පාකිස්තානයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මැතිවරණයක් අභියස බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.