ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද (11) පැවැත්වෙන තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
දෙරට අතර අද පැවැත්වෙන්නේ තෙවැනි සහ අවසන් එක්දින තරගය යි.
කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරගය අද පස්වරුවේ ආරම්භ වූ අතර වර්ෂාව හේතුවෙන් මේ වනවිට තරගය තාවකාලිකව නතර කර තිබේ.