Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
    Local News

    නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

    By LFNJanuary 11, 2024No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

    කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය.

    පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.

    මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

    සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රි කාලයේදී ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

    අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.