Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
    Local News

    නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

    By LFNJanuary 11, 2024No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

    කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය.

    පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.

    මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

    සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රි කාලයේදී ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

    අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,503 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 20250120 Views

    බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්.…

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.