Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

    June 5, 2025

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    June 5, 2025

    දුමින්ද යළි රිමාන්ඩ්

    June 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට
    Sport

    දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට

    By LFNJanuary 9, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

    එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය.

    සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

    නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය.

    ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.

    එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.

    දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.

    සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025

    King කෝලී ටෙස්ට් පිටියට සමුදෙයි

    May 12, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,915 Views
    Don't Miss

    වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

    June 5, 20250107 Views

    රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ…

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    June 5, 2025

    දුමින්ද යළි රිමාන්ඩ්

    June 5, 2025

    ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට

    June 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.