අමෙරිකානු ආරක්ෂක ලේකම් Lloyd Austin පූර්ව දැනුම්දීමකින් තොරව සැත්කමක් සඳහා හදිසියේ රෝහල්ගත වී තිබේ.
ඔහු මේ බව බයිඩන් පරිපාලනයට දන්වා ඇත්තේ දින 3ක ප්රමාදයකින් පසුවය.
Lloyd Austin රෝහල්ගතව සිටි කාලයේදී ඔහුගේ උප ලේකම්වරිය වූ Kathleen H. Hicks ද සිට ඇත්තේ පුවර්ටරිකෝ දූපතේය.
ඒ අනුව අදාළ දින 3 තුළ රටේ ආරක්ෂාවේ වගකීම කවරෙක් භාරයේ පැවතියේද යන්න සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර Lloyd Austin එහි වගකීම භාරගත් බව සඳහන් වෙයි.