පාකිස්තානය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වේගයෙන් පැතිර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිටත් හඳුනා ගන්නා ආසදිතයින් අතර පැතිර යන්නේ H3N2 ප්‍රභේදය බවද පැවසෙයි.
එම වෛරස් ඛාණ්ඩය දරුණු බවද වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
පාකිස්තානයේ ජාතික සෞඛ්‍යා ආයතනය පවසන්නේ පාකිස්තානයෙන් සෑම සතියකම දරුණු ශ්වසන රෝගාබාධ සහිත ආසාදිතයින් සිය ගණනක් වාර්තා වන බවය.
එම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදය වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට අනතුරුදායක විය හැකි බවද සෞඛ්‍ය විශේෂඥයින් අනාවරණය කර ඇත.