Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්
    Hot News

    රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

    By LFNJanuary 5, 2024No Comments2 Mins Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

    එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර, 2025 දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කර ඇත.

    එමෙන්ම නව ආර්ථික කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයෙකුට මෙරටට පැමිණ අයෝජනය කිරීමට අවස්ථාව සැලෙසන බව ද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා එක්වීමට විදේශගත ව සිටින ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද පවසයි.

    උතුරේ බලශක්තිය සුරක්ෂිත කරමින් බලශක්තිය අපනයනය සඳහා රට සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පුනරීන් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණයට නතුකරමින් උතුරු පළාත මෙරට කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.