Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඩෙංගු අවදානම් පරෙස්සමින් සිටිමු
    Local News

    ඩෙංගු අවදානම් පරෙස්සමින් සිටිමු

    By LFNJanuary 2, 2024Updated:February 6, 2024No Comments2 Mins Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන ඉඟි කිසිසේත්ම යහපත් නැත. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වන විට හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85619 කි. එයින් 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් අපගේ හිසට ඉහළින් ළඹදෙන මරණයේ අනතුර එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය.

    මෙම පරිසරය තුළ ‘ලෙඩවීම’ යනු කිසිදා සමාවක් නැති වරදකි. එහෙත් ඩෙංගු මාරයාට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. අප විසින්ම තනා දෙන තවාන්වල ද අපගේ නොසැලකිලිමත්කම නිසා ඉදිවූ තවාන්වල ද ඩෙංගු මදුරුවෝ පිණුම් ගසති. විනාශය, ගෙවත්ත පැන නිවෙසටම ඇතුල්වන තුරු ඇතැම් පුරවැසියෝ බලා සිටිති.

    ඇදහැළුණු අනෝරා මහ වැසිවලින් පසුව වසංගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි තේරුම් ගැනීමට අමුතු නුවණක් ඇවැසි නොවේ. ජනතාව ද තමා කරා පැමිණීමට නියමිත උපද්‍රවය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ප්‍රතිඵලය වී තිබෙන්නේ විනාශයේ වගුර තව තවත් පුළුල් වීමය.

    මෙම මාරක උපද්‍රවය හමුවේ තමාට පමණක් ගැලවුමක් ඇතැයි සිතන්නේ නම් එය බරපතළ වරදකි. එහෙත් ඇතැමකු එසේ සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තම නිවෙස හා ගෙවත්ත පමණක් පිරිසුදු කර එම ටින් බෙලෙක්ක ඇතුළු කැළිකසළ අල්ලපු වත්තට වීසි කරති. නොඑසේ නම් මහ පාරට දමති. එයින් තම දූ දරුවන්ගේත් තමන්ගේත් ජීවිත ආරක්ෂා වෙතියි ඔවුහු සිතති.

    එළැඹ ඇත්තේ සියලු ජනයා අවදි කරගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී ඩෙංගු මදුරුවා ඇතුළු සියලු වසංගතවලට එරෙහිව මහා ක්‍රියාන්විතයක් බලමුළු ගැන්විය යුතු තීරණාත්මක හෝරාවකි. එය වටහා නොගන්නේ නම් සිදුවනු ඇත්තේ අවිරෝධීව සුසාන භූමිය කරා කරබාගෙන ගමන් කිරීමට ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 20250122 Views

    විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ…

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.