චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපතිවරයකු වූ ‘ඩොං ජුන්’ නම් කර තිබේ.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර මාස දෙකකට පසු හිටපු නාවික හමුදාපතිවරයා නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
බීජිංහි පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු රැස්වීමක දී චීනයේ නීති සම්පාදකයන් විසින් අදාළ පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව 62 හැවිරිදි ඩොං ජුන් ලබන ජනවාරි මස මුල් සතියේ දී නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතයි.