Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා චීනයෙන් හොඳ ඉල්ලුමක්
    Local News

    ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා චීනයෙන් හොඳ ඉල්ලුමක්

    By LFNDecember 22, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටිති.

    චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

    50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමග මෙරට නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත විය.

    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනී කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියහ.

    එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලය විසින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වේ.

    මෙම කටයුතු සඳහා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ රටේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමේ දී අපේ රටේ කුළුබඩු සම්බන්ධව අදහස් පළ කළ එම පිරිස ශ්‍රී ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බව සඳහන් කළේය.

    විශේෂයෙන් අපේ රටේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බවත් ඔවුහු කියා සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260123 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.