මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හමුවූ කොවිඩ් -19 උප ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.
පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යෑමත් සමග සිදුකළ පරීක්ෂාවකදී JN.1 නම් එම කොවිඩ් – 19 උප ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමුවූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
ඒ හේතුවෙන් එම ප්‍රාන්තය තුළ සෞඛ්‍ය අංශ දැඩි සැලකිල්ලෙන් පසුවන බවද ‘ද හින්දු’ පුවත්පත සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.