Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තේරීම් කමිටුව නව නායකයින් තිදෙනෙක් තෝරාගනී
    Sport

    තේරීම් කමිටුව නව නායකයින් තිදෙනෙක් තෝරාගනී

    By LFNDecember 17, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ.

    ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය.

    ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්ය.

    එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතය.

    නව තේරීම් කමිටුවේ තීරණයට අනුව විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට හිමිවන අතර එහි උප නායකත්වය ද චරිත් අසංලක හොබවනු ඇති.

    26 හැවිරිදි වනිඳු හසරංග මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දරමින් ශූරතාව තම කණ්ඩායමට ගෙනඒමට සමත්විය.

    එල්.පී.එල්. අවසන් පූර්ව වටයේ තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳුට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මඟහැරුණි.

    උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතය.

    එහිදී ජනවාරි මස ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳවත් අවසන් තීරණය එදිනට ගනු ඇතැයි වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 20250119 Views

    දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික…

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.