Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තේරීම් කමිටුව නව නායකයින් තිදෙනෙක් තෝරාගනී
    Sport

    තේරීම් කමිටුව නව නායකයින් තිදෙනෙක් තෝරාගනී

    By LFNDecember 17, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ.

    ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය.

    ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්ය.

    එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතය.

    නව තේරීම් කමිටුවේ තීරණයට අනුව විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගට හිමිවන අතර එහි උප නායකත්වය ද චරිත් අසංලක හොබවනු ඇති.

    26 හැවිරිදි වනිඳු හසරංග මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායකත්වය දරමින් ශූරතාව තම කණ්ඩායමට ගෙනඒමට සමත්විය.

    එල්.පී.එල්. අවසන් පූර්ව වටයේ තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳුට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මඟහැරුණි.

    උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ලබන සඳුඳා යළි රැස්වීමට නියමිතය.

    එහිදී ජනවාරි මස ආරම්භවන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර නායකත්වය පිළිබඳවත් අවසන් තීරණය එදිනට ගනු ඇතැයි වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.