Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විදුලිය බිඳ වැටීම ගැන ජනක රත්නායකගෙන් හෙළිදරව්වක්
    Hot News

    විදුලිය බිඳ වැටීම ගැන ජනක රත්නායකගෙන් හෙළිදරව්වක්

    By LFNDecember 10, 2023No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා විදුලිය බිඳවැටීම වැළැක්වීමට ගැසට් මගින් කළ නියෝග විදුලිබල අමාත්‍යාංශය පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

    තමා සභාපති තනතුරේ සිටියදී විදුලිය බිඳ වැටීම් වැළැක්වීම සඳහා 2022 සැප්තැම්බර් 09 වන දින අංක 2296/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් විදුලිබල අමාත්‍යාංශයට හා ලංකා විදුලි බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙයි.

    ඊයේ (09) පැය 05ක පමණ විදුලිය බිඳ වැටීම හේතුවෙන් රුපියල් කෝටි 600කට අධික ඝෘජු ආර්ථික හානියක් සිදු ව ඇති බවත් ඊට වන්දි ගෙවිය යුත්තේ වත්මන් විදුලිබල අමාත්‍යවරයා සහ ලේකම්වරයා බවද ජනක රත්නායක මහතා පවසයි.

    “2021 දෙසැම්බර් 3 වනදා මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳ වැටුණා. එදා ගිගා වොට් පැය 10ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරි වුණා. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500ක් පමණ වුණා. ඊයේ රාත්‍රි බිඳවැටීම පැය කිහිපයකින් යථා තත්ත්වයට පත්කරන්න හැකියාව ලැබුණත් එහිදීද රුපියල් කෝටි 600කට අධික ආර්ථික හානියක් සිදු වුණා. තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා. ඒ වෙනුවට ඉන්ධන බලාගාරවලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒකකයට රුපියල් 60කට අධික පාඩුවක් සිදුවෙනවා. ඒ පාඩුවද එක් කළ විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1,000කට ආසන්න වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කළ නියෝගය මගින් විදුලි බල අමාත්‍යංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 07ක් ඉදිරිපත් කළා. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202604 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.