Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි – කාන්තාවන් දෙදෙනාටත් ඇප
    Local News

    නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි – කාන්තාවන් දෙදෙනාටත් ඇප

    By LFNDecember 8, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව ඇප මත නිදහස් කර තිබේ.

    අප අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කළ බවයි.

    මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි.

    ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරිණි.

    නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එම නිවුන් දරුවන් දෙදෙනාව මිලදීගත් සැකකාරියන් දෙදෙනා ඊයේ, අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටය.

    සිද්ධියට සම්බන්ධයෙන් 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුවය.

    රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව එලෙස රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණි.

    ඒ අනුව එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් මත මෙම බිළිඳා අතිදැඩි කිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බව පොලීසිය හෙළි කරගෙන තිබුණි.

    වැඩිදුර සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම දරුවාගේ අනෙක් නිවුන් සහෝදරයා පොළොන්නරුවේ පදිංචි තවත් කාන්තාවකට රුපියල් 25,000ක මුදලකට විකුණා ඇති බවය.

    පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202602 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.