Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි – කාන්තාවන් දෙදෙනාටත් ඇප
    Local News

    නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි – කාන්තාවන් දෙදෙනාටත් ඇප

    By LFNDecember 8, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව ඇප මත නිදහස් කර තිබේ.

    අප අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කළ බවයි.

    මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි.

    ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරිණි.

    නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එම නිවුන් දරුවන් දෙදෙනාව මිලදීගත් සැකකාරියන් දෙදෙනා ඊයේ, අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටය.

    සිද්ධියට සම්බන්ධයෙන් 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුවය.

    රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව එලෙස රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණි.

    ඒ අනුව එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් මත මෙම බිළිඳා අතිදැඩි කිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බව පොලීසිය හෙළි කරගෙන තිබුණි.

    වැඩිදුර සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම දරුවාගේ අනෙක් නිවුන් සහෝදරයා පොළොන්නරුවේ පදිංචි තවත් කාන්තාවකට රුපියල් 25,000ක මුදලකට විකුණා ඇති බවය.

    පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.