Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවුකන ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
    Featured

    අවුකන ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    By LFNDecember 8, 2023No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

    කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකර අතර එම වාර්තාවට අනුව මේ බව සනාථ වී ඇති බව ඇය එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

    මේ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව උන්වහන්සේ පවසා ඇත්තේ “විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය..” යනුවෙනි.

    “තමන් වහස්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණකින් සිදු නොකළ බවත්…” උන්වහන්සේ පවසා ඇත .

    එමෙන්ම උන්වහස්සේ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවත් මෙය අනවබෝධයෙන් සිදු වූ කටයුත්තක් බවත් ය.

    ඒ අනුව, මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව, ලිඛිත අවසරයක් ලබා ගත යුතු බවත් එසේ නොවුනහොත් නීති මගින් කටයුතු කරන බවටත් උන් වහන්සේට දන්වා ඇත.

    කෙසේ වෙතත් මේ වන විටත් එම සිදුවීම සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීමේ ඡායාරූප පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරමිනි.

    මෙරට ”හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ”අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන මෙම අවුකන බුද්ධ ප්‍රතිමාව මත නැගී ඇතැම් පුද්ගලයින් එම වස්ත්‍රය පළඳවන ආකාරයද ඡායාරූපවල සඳහන් වුණි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

    එමෙන්ම ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිළිව දිස්වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැළකෙන්නේ මෙරට අතීත කලාශිල්පයේ අද්විතීයබව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.