මහා මාර්ගයේ සිටි පරෙවියෙකු මෝටර් රථයකින් යටකිරීම සම්බන්ධයෙන් සැකපිට රියදුරෙකු අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ ජපානයේ ටෝකියෝ නුවරින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන කුලී රථ රියදුරෙකි.
මාර්ගයේ සිටි පරෙවියන් රංචුවක් මතින් ධාවනය කර ඇති බවට ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර ඇත.
සිද්ධිය ඇසින් දුටුවෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකින් ඔහු සිය රථය පරෙවි රංචුව සිටි ස්ථානයෙන් ධාවනය කර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඉන් එක් පරෙවියෙකු මියගොස් ඇති බවය.