Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාසල් සිසුන් අයිස් මාරයාට බිළිදෙන අලුත්ම ජාවාරම
    Local News

    පාසල් සිසුන් අයිස් මාරයාට බිළිදෙන අලුත්ම ජාවාරම

    By LFNDecember 6, 2023No Comments3 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් වයසේ සිසුන්ව ඔවුන්ගේ සමීපතමයන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවාගැනීම් මේ වනවිට සිදුවන බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    ඒ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකදී පොලීසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

    මීට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    කොළඹ පිහිටි පාසලක ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි පිරිමි දරුවකු පසුගිය දිනක පාසලේ ගුරුවරයෙකුගේ මුදල් පසුම්බියෙන් රුපියල් 1300ක මුදලක් සොරකම්කර තිබුණි.

    ඒ අනුව පාසලේ විදුහල්පතිවරයා විසින් දරුවාට දින 14ක පංති තහනමක් පනවා ඇති අතර, දරුවාගේ මවට දැනුම්දී ඇත්තේ පොලීසිය හරහාද මේ පිළිබඳව දරුවාට අවවාද කරන ලෙසය.

    අනතුරුව දරුවාගේ මව දරුවා මුල්ලේරියාව පොලීසියට කැටුවගොස් ඇති අතර එහිදී දරුවා පවසා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් සොරාගත් බවය.

    ඒ් අනුව පොලීසිය මේ පිළිබඳව දරුවාගෙන් සූක්ෂ්ම ලෙස ප්‍රශ්නකර තිබේ.

    ප්‍රශ්නකිරීම් හමුවේ දරුවා පවසා ඇත්තේ, තමන් පාසල නිමවී නිවස කරා පැමිණෙන විට ‘සුදු මාමා’ නැමැත්තෙක් තමන්ව නිවසක් වෙත රැගෙන ගොස් මත්වීම සඳහා බීම වර්ගයක් ලබාදෙන බවය.

    අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ලබාදෙන බවද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබුණි.

    ඒ අනුව මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාව හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත්කර තිබේ.

    එහිදී වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ දරුවකු සම්බන්ධ කරුණක් හේතුවෙන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර විමර්ශන සිදුකරන ලෙසටය.

    එහි ප්‍රතිඵලයක් ලෙස දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවය.

    ‘සුදු මාමා’ නැමැත්තා, ඔහුගේ මිතුරෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ තමාව ලිංගික අපයෝජනය කළ බව දරුවා පසුව පොලිසිය හමුවේ පවසා තිබේ.

    මුලින් අයිස් මත්ද්‍රව්‍ය නොමිලේ දරුවාට ලබාදී ඇතත්, දින කිහිපයකට පසුව ‘සුදු මාමා’ නැමැත්තා ‘අයිස් මත්ද්‍රව්‍ය අවශ්‍යනම් මුදල් රැගෙන එන්නැයි’ දරුවාට පවසා ඇති බව වාර්තාවෙයි.

    දරුවා පොලීසිය හමුවේ පවසා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තමන් ඒ්වා මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් අතර,පාසලේ ගුරුවරයාගේ මුදල් පසුම්බියෙන් රුපියල් 1,300ක මුදලක් සොරාගත්තේද අයිස් මත්‍ද්‍රව්‍ය මිලදී ගැනීමට බවය.

    තම මව හා පියා රැකියාවන්හි නිරත වන බැවින් පාසැල් වේලාවෙන් පසුව දරුවා මිත්තණියගේ රැකවරණය යටතේ සිට ඇති අතර, එලෙස මිත්තණිය සමඟ සිටින අතරතුර පවා තමන් සූක්ෂමව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ බවද දරුවා පවසා තිබේ.

    දරුවාගේ මව පොලීසිය හමුවේ පවසා ඇත්තේ, සිය නැගණියගේ දික්කසාද සැමියා වන ‘සුදු මාමා’ නැමැත්තා පළිගැනීම සඳහා මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

    අනතුරුව මුල්ලේරියාව පොලීසිය මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘සුදු මාමා’ නැමැත්තාගෙන් දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

    සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.