Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    Uncategorized

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    By LFNDecember 4, 2023Updated:December 4, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකිය.

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

    මේ අතර, “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබුණ ද එහි බලපෑම තවදුරටත් පවතින බවය.

    මේ අතර අධික වර්ෂාපතන තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

    මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද උදෑසන සිට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.