Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්
    Sport

    අකිලගෙන් සුපිරි කඩුලු දඩයමක්

    By LFNDecember 4, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Major League තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය දැක්වූ සුපිරි දක්ෂතාවයක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

    තරගය පැවැත්වුණේ රාගම ක්‍රිකට් සමාජය සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජය අතරයි.

    එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කරගත්තේය.

    පළමු ඉනිමේදීද අගනා පන්දු යැවීමක නිරත වූ අකිල ලකුණු 100කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය.

    සිය පළමු ඉනිම සඳහා කොල්ට්ස් ක්‍රිකට් සමාජය සියලුදෙනා දැවී ලකුණු 334ක් රැස්කරගැනීමට සමත්විය.

    එහිදී මුදිත ලක්ෂාන් ලකුණු 79ක් සහ සංගීත් කුරේ ලකුණු 68ක් බැගින් රැස්කරගත්තේය.

    පන්දු යැවීමේදී රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් යොහාන් ලියනගේ කඩුලු 4ක් සහ ශෂික දුල්ශාන් කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

    සිය දෙවන රාගම ක්‍රිකට් සමාජයේ සියලු බලාපොරොත්තු පන්දුවාර 35යි පන්දු 5ක් අවසානයේ ලකුණු 142ක් පමණක් රැස්කර සිටියදී අවසන් කිරීමට අකිල ධනංජයගේ සුපිරි පන්දුයැවීමට හැකිවිය.

    එහිදී පන්දුවාර 18ක් යොමුකළ අකිල නිලකුණු පන්දුවාර 2ක් සමග ලකුණු 56කට කඩුලු 9ක් දවාගැනීමට සමත්විය.

    ඒ අනුව තරගයේ ඉනිම් දෙක තුළදී අකිල විසින් දවාගත් කඩුලු සංඛ්‍යාව 15කි.

    සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ කොල්ට්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 7යි පන්දු එකකදී කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස්කරගමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 20260121 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්…

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.