Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජෝ බයිඩන් ගේ ජනප්‍රියත්වය පහළට
    International

    ජෝ බයිඩන් ගේ ජනප්‍රියත්වය පහළට

    By LFNDecember 2, 2023No Comments3 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 අමෙරිකානු ජනාධිපති සටනින් යම් හේතුවක් නිසා ඉවත් වීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කළ හොත් ‘ප්ලෑන් B‘ එකක් නැත්නම් ඔහු වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය මෙතෙක් කටයුතු යොදා නොමැති බව අනාවරණය වේ.

    එවැනි අවස්ථාවක දී හදිසියේ ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට, රිපබ්ලිකන් පක්ෂය සමග තියුණු ඡන්ද සටනක් ජයග්‍රහණය කිරීමට හැකිවේද යන්න දැන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතරම සංවාදයට ලක් වී ඇත.

    ජනමත සමීක්ෂණවලට අනුව ජන ප්‍රසාදය පහත වැටී වයස පිළිබඳ ප්‍රශ්න පැනනැගෙද්දී වුව ද තමා 2024 ජනාධිපතිවරණය සඳහා නැවත ඉදිරිපත් වන බව ජනපති බයිඩ්න් ප්‍රකාශයට පත්කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය.

    ඒ සමඟම ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන ‘ප්‍රයිමරි‘ නැත්නම් ප්‍රාථමික ඡන්ද විමසීම්වල දී ජනපති බයිඩ්න්ට අභියෝග කරන කැපී පෙනෙන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරියට ඒම වැළකුණු බව විචාරකයෝ පෙන්වා දෙති.

    මේ අවස්ථාවේ දී විකල්ප ඩිමොක්‍රටික් අපේක්ෂකයන් මතුවිය හැකි වුවත් ඔවුන්ට ‘ප්‍රයිමරි‘ ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අවම බව වාර්තා වේ.

    ඒ නෙවාඩා, දකුණු කැරොලයිනා, ජෝර්ජියා වැනි තීරණාත්මක ප්‍රාන්ත කිහිපයම අපේක්ෂක නාමයෝජනා භාරගැනීමේ කාලසීමාව ඉකුත් වීම හේතුවෙනි.

    කෙසේ නමුත් ජනපති බයිඩ්න්ගේ සමීපතම අනුගාමිකයන් පවසන්නේ, 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස බොහෝදුරට ඉදිරිපත් විය හැකි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරදවීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ‘බැකප් ප්ලෑන්‘ එකක් නැත්නම් විකල්ප සැලැස්මක් අවශ්‍ය නොවන බවයි.

    81 හැවිරිදි ජනපති බයිඩන් යම් ආකාරයකින් ජනාධිපතිවරණ සටනින් ඉවත් වුවහොත් ඩිමොක්‍රටික් පක්ෂයට සිදුකළ හැකි එක් ප්‍රායෝගික පියවරක් වන්නේ ලබන වසරේ අගෝස්තු මාසයේ පක්ෂ සම්මේලනයේ දී හෝ ඊට පසු තවත් අපේක්ෂකයෙකු නම් කිරීමයි.

    රොයිටර්ස් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙන්නේ ජනපති බයිඩ්න් දැන් ඡන්ද සටනින් ඉවත් වීම ඩිමොක්‍රටික් පක්ෂය තුළ මහත් කැලඹීමකට හේතුවිය හැකි බවයි.

    ජනපති බයිඩ්න් ඡන්ද සටනින් ඉවත් වුවත් උපජනාධිපතිනි කමලා හැරිස් ඔහු වෙනුවට විපක්ෂ අපේක්ෂකයා ලෙස ස්වයංක්‍රීයව තෝරා ගැනෙන්නේ නැත.

    එහිදී ඇයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් විය හැකි නමුත් එවැනි අවස්ථාවක තවත් අපේක්ෂකයන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් විය හැකි බව විශ්වාස කෙරේ.

    ජනපති බයිඩ්න් මෙන්ම උපසභාපතිනි කමලා හැරිස්ගේ ජනප්‍රියත්වය මේ වනවිට දුර්වල වී ඇති බව මෙහිදී සැලකිය යුතුය.

    ජනපති බයිඩ්න් අපේක්ෂකත්වයෙන් ඉවත්වන අවස්ථාවක ඕනෑම අපේක්ෂකයෙකු ඉදිරිපත් විය හැකි අතර උපජනාධිපතිනි කමලා හැරිස් ඔවුන්ට තර්ජනයක් එල්ල කෙරෙනු ඇති බව විශ්වාස කෙරේ.

    ජනපති බයිඩ්න්ට දැඩි පක්ෂපාතීත්වයක් පළ කරන ඔහුගේ සමීපතමයින් ජනපති බයිඩ්න් පිටුපස ඩිමොක්‍රටික් පක්ෂය එක්සත්ව පෙළගැසී සිටින බව පැවසේ.

    එසේ නොමැති නම් ඩිමොක්‍රටික් පක්ෂයේ විකල්ප අපේක්ෂකයෙකු මේ වනවිට මතු වී සිටිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

    77 හැවිරිදි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා පෙරමුනේ සිටින අතර, ඔහු ද මේ වනවිට යම් යම් ගැටලුවලට මුහුණපාමින් සිටියි.

    වයස මෙන්ම විවිධ ආකාරයේ අධිකරණ විභාග රැසකට මුහුණදීම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට අනිවාර්යයෙන් බලපෑමක් සිදුකරනු ඇත.

    රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා කිහිප දෙනෙකුම ඉදිරිපත්වී සිටින අතර, යම් හේතුවක් නිසා හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරිපත්විය නොහැකි වුවහොත් එම අපේක්ෂකයෙකුට ඉදිරියට පැමිණිය හැකිය.

    එහෙත් හිටපු ජනපති ට්‍රම්ප් මැතිවරණ සටනින් ඉවත්වීම බොහෝදුරට අපේක්ෂා කළ නොහැකි කරුණක් බව රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දී ඇත.

    හිටපු ජනපති බැරක් ඔබාමාගේ සමයේදී ධවල මන්දිරයේ උපදේශකයෙකු වූ ඩේවිඩ් ඇක්සල්රොඩ් පවසන පරිදි ජනපති ට්‍රම්ප් තමා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඥාණාන්විත තීරණයක් දැයි විමසා බැලිය යුතු වේ.

    එය රටේ අභිලාෂන්ට ගැලපෙන්නේ දැඩි මුලින්ම සිතිය යුතු බව ඔහු සඳහන් කළේය.

    පසුගිය පෙබරවාරියේ සිදු කළ වෛද්‍ය පරීක්ෂාවලින් පසුව ප්‍රකාශ වූයේ ජනපති බයිඩ්න් ජනාධිපති ධුරය දැරීම සඳහා සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවයි.

    එහෙත් පසුගිය නොවැම්බර් 07 වැනිදා සිදු කළ ජනමත සමීක්ෂණයකදී අනාවරණය වූයේ ජනපති බයිඩ්න්ගේ ජනප්‍රියත්වය 39% දක්වා පහත වැටී ඇති බවයි.

    එය පසුගිය අප්‍රේල් මසයෙන් පසු වාර්තා වූ අවම අගයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.