Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකා ක්‍රිකට් අවදානම් සහගත ස්ථානයක
    Local News

    ශ්‍රී ලංකා ක්‍රිකට් අවදානම් සහගත ස්ථානයක

    By LFNNovember 6, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව පිළිබඳව ද අවදානම් තත්ත්වයකය.

    ඔවුන්ට අද (06) පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගය සහ ලබන බ්‍රහස්පතින්දා නවසීලන්තය සමඟ තරගය පමණක් ඉතිරිව ඇති අතර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත් වැනි ස්ථානයේ රැඳී සිටියි.

    කෙසේ වෙතත් 2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08 අතර රැඳී සිටීම අනිවාර්යයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වුවත් එළැඹෙන තරග දෙක අතිශයින් තීරණාත්මක වේ.

    දැනට මුල් ස්ථාන හයේ සිටින කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා අවසන්ය.

    ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් අතුරින් දෙකකට පමණක් එම අවස්ථාව ඉතිරිව ඇත.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ විය යුත්තේ ඉදිරි තරග දෙක ජයග්‍රහණය කර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට මඟ සකසා ගැනීමය.

    දිල්ලි ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන තරගයට වායුදූෂණ තත්ත්වය ගැටලුවක් වන බවක් පෙනෙන්නට තිබුණත් තරගය ස්ථිරවම එහි පැවැත්වෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සහ පරිපාලනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වෙමින් පවතින අතර මේ හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් මේ වන විටත් පවතින්නේ බෙදීමකි.

    ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සභාව අතර පවතින මෙම මතභේදාත්මක තත්ත්වය මේ වන විට ජනාධිපතිවරයා වෙත ද යොමු ව තිබේ.

    දේශපාලන තලයේ ද අද ප්‍රධානම මාතෘකාව වී තිබුණේ ක්‍රිකට් දක්ෂතා සහ පරිපාලනයයි.

    ජය පරාජය ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක් නමුත් ඩොලර් ලක්ෂ ගණනින් වියදම් කර සියලු පහසුකම් සපයා තිබියදීත් නිර්ලජ්ජිත ලෙස අඛණ්ඩව අවමන් සහගත පරාජයන් ලබන්නේ නම් එය ගැටලුවකි.

    කෙසේ වෙතත් දැන් කළ යුතු වන්නේ ක්‍රීඩකයන්ට පහරදී ඔවුන්ගේ මානසිකත්වය බිඳ දැමීම නොව, ඉතිරි තරග දෙක හෝ ජය ගෙන ශූරයන්ගේ කුසලානයේ ස්ථානය තහවුරුකරගැනීමට අවස්ථාව සලසා දීමයි.

    එමෙන්ම පෙර වැරදි යළි සිදුවීම වළක්වාගැනීම සඳහා දිගුකාලීන සැලැස්මක් මත ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට පිඹුරුපත් සැකසීමයි.

    එසේ නොවුණහොත් ලබන වසරේ අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට මෙලෙසම අවමන් සහගත පරාජයන් අත් විඳින්නට සිදුවනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.