Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකා ක්‍රිකට් අවදානම් සහගත ස්ථානයක
    Local News

    ශ්‍රී ලංකා ක්‍රිකට් අවදානම් සහගත ස්ථානයක

    By LFNNovember 6, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව පිළිබඳව ද අවදානම් තත්ත්වයකය.

    ඔවුන්ට අද (06) පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගය සහ ලබන බ්‍රහස්පතින්දා නවසීලන්තය සමඟ තරගය පමණක් ඉතිරිව ඇති අතර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත් වැනි ස්ථානයේ රැඳී සිටියි.

    කෙසේ වෙතත් 2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08 අතර රැඳී සිටීම අනිවාර්යයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකි වුවත් එළැඹෙන තරග දෙක අතිශයින් තීරණාත්මක වේ.

    දැනට මුල් ස්ථාන හයේ සිටින කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා අවසන්ය.

    ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් අතුරින් දෙකකට පමණක් එම අවස්ථාව ඉතිරිව ඇත.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ විය යුත්තේ ඉදිරි තරග දෙක ජයග්‍රහණය කර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට මඟ සකසා ගැනීමය.

    දිල්ලි ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන තරගයට වායුදූෂණ තත්ත්වය ගැටලුවක් වන බවක් පෙනෙන්නට තිබුණත් තරගය ස්ථිරවම එහි පැවැත්වෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සහ පරිපාලනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වෙමින් පවතින අතර මේ හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් මේ වන විටත් පවතින්නේ බෙදීමකි.

    ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සභාව අතර පවතින මෙම මතභේදාත්මක තත්ත්වය මේ වන විට ජනාධිපතිවරයා වෙත ද යොමු ව තිබේ.

    දේශපාලන තලයේ ද අද ප්‍රධානම මාතෘකාව වී තිබුණේ ක්‍රිකට් දක්ෂතා සහ පරිපාලනයයි.

    ජය පරාජය ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක් නමුත් ඩොලර් ලක්ෂ ගණනින් වියදම් කර සියලු පහසුකම් සපයා තිබියදීත් නිර්ලජ්ජිත ලෙස අඛණ්ඩව අවමන් සහගත පරාජයන් ලබන්නේ නම් එය ගැටලුවකි.

    කෙසේ වෙතත් දැන් කළ යුතු වන්නේ ක්‍රීඩකයන්ට පහරදී ඔවුන්ගේ මානසිකත්වය බිඳ දැමීම නොව, ඉතිරි තරග දෙක හෝ ජය ගෙන ශූරයන්ගේ කුසලානයේ ස්ථානය තහවුරුකරගැනීමට අවස්ථාව සලසා දීමයි.

    එමෙන්ම පෙර වැරදි යළි සිදුවීම වළක්වාගැනීම සඳහා දිගුකාලීන සැලැස්මක් මත ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට පිඹුරුපත් සැකසීමයි.

    එසේ නොවුණහොත් ලබන වසරේ අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට මෙලෙසම අවමන් සහගත පරාජයන් අත් විඳින්නට සිදුවනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,343 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250121 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.