Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා හි මළ සිරුරු ගොඩගැසෙයි
    International

    ගාසා හි මළ සිරුරු ගොඩගැසෙයි

    By LFNNovember 6, 2023No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඛණ්ඩව ක්‍රියාත්මක ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ උතුරු ප්‍රදේශ මෙන්ම මධ්‍යම සහ දකුණු කලාපද ඉලක්ක කර ක්‍රියාත්මක වෙයි.

    මධ්‍යම ගාසා හි මඝාසි කඳවුර සහ එක්සත් ජාතීන් පවත්වාගෙන ගිය මේ වන විට සරණාගත කඳවුරක් ලෙස ක්‍රියාත්මක උතුරු ගාසා හි ජබාලියා පාසලත් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කයක් වී තිබුණි.

    මෙම ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 50 කට අධිකය.

    උතුරු ගාසා හි තුවාලකරුවන් වැඩි ප්‍රමාණයක් යොමුකෙරෙන අල් ෂිෆා රෝහලේ ඉන්ධන අවසන් වෙමින් ඇති අතර එසේ වුවහොත් රෝගීන් 100දෙනෙකු පමණ මියයනු ඇතැයි රෝහල් බලධාරීන් පවසයි.

    ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර මාසයකට ආසන්න කාලයක් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දැනටමත් 9,500කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් මියගොස් තිබේ.

    ප්‍රහාර හේතුවෙන් අවතැන් පිරිස් රඳවා සිටින කඳවුරු තුළ මේ වනවිට බෝවන රෝග ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර පලස්තීන සිවිල් වැසියන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් රැඳී සිටින උතුරු ගාසා කලාපයේ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් දිනෙන් දින තියුණු වෙමින් තිබේ.

    ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන හමාස් සංවිධානය නිකුත් කර තිබුණේ මෙවන් පසුබිමක ය.

    කෙසේ නමුත් ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ ගැටුම්වලින් දැනටමත් හමාස් හමුදා නායකයින් 12 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

    මේ අතර ජෝර්දානයේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අරාබි නායකයින් ගාසා හි කඩිනම් සටන් විරාමයක් ඇතිකිරීමට මැදිහත්වන ලෙස ඔහුට බලකර තිබුණි.

    එහෙත් ඉන් හමාස් සංවිධානය නැවතත් ශක්තිමත් වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ අරාබි නායකයින්ගේ විරෝධය මධ්‍යයේ ය.

    ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන ලෙස බ්ලින්කන් පසුගිය සිකුරාදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහුගෙන් ඉල්ලා තිබුණත් එය ප්‍රතික්ෂේප කෙරුණි.

    ගාසා හි රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට අවධානය යොමුකරන්නැයි බලකරමින් ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.

    මාධ්‍ය වාර්තා කර තිබුණේ හමාස් ප්‍රහාරයේදී ඊශ්‍රායල හමුදාවල පැවති දුර්වලකම් සම්බන්ධ වගකිම අගමැතිවරයා භාරගත යුතු බව බහුතර ඊශ්‍රායල ජනතාවගේ මතය වී ඇති බවයි.

    ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එරට ජනතාවගෙන් හතරෙන් එකකගේම මතය වී ඇති බවත් ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ගාසා ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව ධවල මන්දිරය ඇතුළු අමෙරිකාවේ ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වෙයි.

    ඊශ්‍රායලය වෙත ආයුධ රැගෙන යන බවට පැවසෙන නෞකාවකට ගොඩවී එය යාත්‍රා කිරීමෙන් වැළැක්වීමට අමෙරිකාවේ ඕක්ලන්ඩ් වරායට රැස්වූ විරෝධතාකරුවන් උත්සාහ කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.