Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ඉඩම් ප්‍රශ්නය සැණින් විසඳයි
    Uncategorized

    ඉඩම් ප්‍රශ්නය සැණින් විසඳයි

    By LFNNovember 5, 2023No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානින් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළයුතු බව පැවසු ජනාධිපතිවරයා, රට ආපස්සට ගෙන යාමට කිසිසේත් ඉඩලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

    දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම එම අවස්ථාවට කැඳවා තිබු අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර තිබු වැඩපිළිවෙල සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී තිබේ.

    මෙහිදී නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල රජයට ලබාදෙන ලෙස මීට පෙර ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා සිදුකළ අදහස් දැක්වීමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වුණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා – “අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තියෙන මේ ඉඩම් ප්‍රශ්නය… ?”

    ජනාධිපති – “පවුල් 150කට. අක්කර 12.5ක්. ජනතා වතු සංවර්ධන මණ්ඩලය එකඟතාව ඉල්ලා ඇතත් පිළිතුර නොමැත.”

    “පිළිතුර එකඟයි. දාන්න…”

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා – “නුවරඑළිය තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ආදයම් බදු කාර්යාලය වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කර එම ගොඩනැගිලි සංචාකර කර්මාන්තය වෙනුවෙන් හෝ වෙනත් සුදුසු ආයෝජනයක් වෙනුවෙන් සුදුසු ආයෝජකයින් තොරාගන්නා ලෙස…”

    “ජනාධිපති – “තැපැල්පතිට කියන්න ජනාධිපති තීන්දුවකට එකඟවෙන්න… නැත්නම් මට අලුත් තැපැල්පති කෙනෙක් හොයන්න වෙයි කියලා. කරුනාකරලා ඒ ඉඩම අරගන්න ක්‍රියා කරන්න.”

    “මොකක්ද මේ ඔයගොල්ලෝ කරන්නේ මෙච්චරකල්. මම මෙතන කිව්වේ මුළු ගොඩනැගිල්ලම ඕනේ කියලා. අද කරනවාද ? නැද්ද ? කියලා මට කියන්න. කරනවාද? නැද්ද ?. වෙන තැනක් හොයාගන්න යන්න කලින්. කිව්වට පස්සේ සෙල්ලම් කරන්න එපා. ගිය සැරේ කිව්වාමත් නතර කළා. නැත්නම් මෙතන හෝටලයක් තියෙනවා. ඔය සෙල්ලම මං එක්ක නම් කරන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.