Close Menu
Lanka Focus News
    What's Hot

    දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    September 28, 2026

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් කණ්ඩායමට වැරදුණු තැන මුරලි හෙළිකරයි
    Sport

    ක්‍රිකට් කණ්ඩායමට වැරදුණු තැන මුරලි හෙළිකරයි

    By LFNNovember 1, 2023No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව කණ්ඩායමක් වශයෙන් හෝ ක්‍රීඩකයන් වශයෙන් දියුණු කිරීමට වැඩකටයුතු නොකළ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලිදරන් මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන්,

    “ලෝකශූර කණ්ඩායම් එක් දවසකින් දෙකකින්, අවුරුද්දකින් දෙකකින් හදන්න බැහැ.ඒක අවුරුදු හතරක පහක ක්‍රියාවලියක්. අපි ඒකට ක්‍රීඩකයින්ව හදන්න ඕන. අවංකවම කිව්වොත් 2015න් පස්සේ අපි කණ්ඩායමක් ගොඩනැගුවේ නැහැ.ක්‍රීඩකයින්ව හැදුවේ නැහැ. සමහර හොඳට ක්‍රීඩාකරන ක්‍රීඩකයෝ එක පාරටම අසාර්ථක වුණාම කණ්ඩායමේ නැතිවෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. හැබැයි එයාට මොකද වුණේ කියල මම දන්නෙ නැහැ. ගියපාර ලෝක කුසලානෙ ආරම්භක පිතිකරුවා.ඔහු ශතක දෙකක් ගැහුවා. අවිශ්ක ප්‍රනාන්දු ඔහු මේ තරගාවලියෙ නැහැ. අපි ඔහුව හැදුවෙ නැහැ. අපිට දක්ෂතාව තියනවා. හැමෝම එක එක කාලවලදී අසාර්ථක වෙනවා. මහේල ජයවර්ධන බැලුවොත් 2003 ලෝක කුසලානේ ඉනිම් 8කදී ලකුණු විසිගානයි ගැහුවේ. අපි ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළාද? නෑ. ඔහු පසුකාලයක වීරයෙක් වුණා. අපි ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන. ඔවුන්ගේ පසුපසින් ඉන්න ඕන. එහෙම තමයි ක්‍රිඩකයන්ව හදන්න ඹ්න. අපි දැන් ආපස්සට යන්නෙ. අපිට දැන් කොහොමහරි මේ තරගාවලිය දිනන්න ඕන ක්‍රීඩකයො මාරු කරල හරි. එහෙම වුණාම ක්‍රිඩකයන්ගේ විශ්වාසය නැතිවෙනවා. අලුත් ක්‍රීඩකයෙක් ආවම ඔහුට දක්ෂතා දක්වන්න කියල පීඩනය දානවා. ඒක කණ්ඩායමට බලපානවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,424 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

    September 28, 202605 Views

    පවතින වැසි අධික කාලයත් සමග දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක…

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.