Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අමිහිරි මතකයක් ඉතිරිකරමින් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්
    Sport

    අමිහිරි මතකයක් ඉතිරිකරමින් ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

    By LFNOctober 31, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

    ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත්තේය.

    නායක Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය.

    පන්දු 74කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 58ක් රැස්කරගත්තේය.

    නායකයා සමග මනා සම්බන්ධතාවයක් ගොඩනැගූ Azmatullah Omarzai කණ්ඩායමේ වගකීම සිය කරමතට ගෙන තරගය ජයග්‍රහණය කරා ගෙන යාමේ භාරදූර වගකීම නොපිරිහෙළා ඉටුකළේය.

    එහිදී වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 63කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 73ක් රැස්කරගැනීමට ඔහු සමත්විය.

    පන්දුයැවීමේදී සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුවද සුළු මොහොතකින් තරගයේ පාලනය තමන් අතට ගැනීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත්විය.

    එහිදී ඩිල්ශාන් මදුශංක ලකුණු 48කට කඩුලු දෙකක් දවාගත්තේය.

    කසුන් රාජිත කඩුල්ලක් දවාගත්තේය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගතහැකි වූයේ ලකුණු 241ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

    February 17, 20260121 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන්…

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.