Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්
    International

    ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්

    By LFNOctober 29, 2023No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේදී ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ගාසා තීරයට එල්ලවූ දරුණුම ප්‍රහාරය මෙය බවය.

    මේ අතර, ක්ෂණික මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත්වූ යෝජනාව සම්මතවූ අතර ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    දින 22ක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊයේ රාත්‍රීයේ දී ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි.

    ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඔවුන් ගොඩබිම් මෙහෙයුම් ද තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවය.

    ඔක්තෝබර් 07වනදා ප්‍රහාරයේ මෙහෙයුම් ප්‍රධානියෙකු මරා දැමුණු බවද ඊශ්‍රායලය පවසයි.

    මේ වනවිට ගාසා තීරයේ දුරකතන සහ අන්තර්ජාල සබඳතා මුළුමනින් ඇණහිට තිබේ.

    සති තුනක කාලයක් පුරා ක්‍රියාත්මක ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 7,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 19,000කට අධිකය.

    මියගොස් ඇති දරුවන් සංඛ්‍යාව 3,000කට ආසන්න බව විදෙස් වාර්තාවල සඳහන් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.