Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දියා – ශ්‍රී ලංකා මුහුදු මඟී ක්‍රමය ඇරඹෙයි
    Local News

    ඉන්දියා – ශ්‍රී ලංකා මුහුදු මඟී ක්‍රමය ඇරඹෙයි

    By LFNOctober 14, 2023Updated:October 16, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ.

    එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

    දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය.

    නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

    ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.

    උදෑසන ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙන මෙම මඟී යාත්‍රාව පස්වරු 02.30ට කන්කසන්තුරය වරායෙන් යළි ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිතයි.

    වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ, යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන අතර, එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 20250133 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා…

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025

    පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි – මහින්ද ගමට යෑමට සැරසෙයි

    September 11, 2025

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.