Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් කටාර් ඉදිරියට එයි
    International

    ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් කටාර් ඉදිරියට එයි

    By LFNOctober 11, 2023No Comments4 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1973 වසරේ ඇතිවූ පලස්තීන – ඊශ්‍රායල යුද්ධයට වසර 50 ක් සපිරෙද්දී ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ පුදුම සහගත ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවනින් සහ මුහුදින් තවදුරටත් එල්ල වෙයි.

    ගාසා තීරයේ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ආයුධ ගබඩා ඉලක්ක කරගත් බව පැවසුව ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නැවතත් ගාසා තීරයේ නිවහන්, ගොඩනැගිලි, සරණාගතත මධ්‍යස්ථාන, රෝහල්, දේවස්ථාන මහාමාර්ග සහ විදුලි සංදේශ මධ්‍යස්ථානයට ද දැවැන්ත හානියක් සිදුව තිබේ.

    මිලියන 2.3 ක් පලස්තීනුවන් කොටු වී සිටින ගාසා බිම් තීරුවේ එකම සුන්බුන් ගොඩක් දක්නට ලැබෙන බවත් ඇතැම් ගොඩනැගිලි තවමත් දැවෙමින් පවතින බවත් වාර්තා වෙයි.

    හමාස් ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් ගාසා තීරයට සැපයෙන ආහාර, ජල සහ විදුලි සැපයුම් මුළුමණින්ම අත්හිටුවන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    තමන් සතුන් පිරිසක් සමග සටනට පිවිසී සිටින බවත් ඒ නිසා ඒ ආකාරයේ සැලකීමක් ඔවුන්ට දක්වන බවත් ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ප්‍රකාශ කළේය.

    පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී ජාත්‍යන්තරගෙන් ඉල්ලා සිටියේ ගාසා තීරයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ සහ විදුලි සැපයුම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    පසුගිය සෙනසුරාදා සිටම පලස්තීන ගාසා තීරයට ලබාදෙන සැපයුම් ඊශ්‍රායලය විසින් අත්හිටුවා ඇති අතර ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් 80% ක්ම පිටතින් ලැබෙන ආධාර මත දිවි ගෙවන නිසා එහි ඇති වී තිබෙන්නේ ඛේදනීය තත්ත්වයකි.

    මේ නිසා ගාසා තීරයේ ඊශ්‍රායලය දියත් කර ඇති ප්‍රහාර හමුවේ මානූෂීය ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීම සඳහා මහා මැදිහත්වන ලෙස පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

    දින තුනක් තිස්සේ පැවති ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය පිරිස 1500 ඉක්මවා ඇති අතර, ඊශ්‍රායල රූපවාහිනී සේවා ප්‍රකාශ කළේ හමාස් ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 900 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    තවත් 2,600 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් වාර්තා විය.

    කාන්තාර සංගීත සැණකෙළියට සහභාගී වෙමින් සිටි ඊශ්‍රායල තරුණ තරුණියන් 260 දෙනෙකු ද මිය ගිය පිරිස අතර වෙයි.

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම සතුරා යුද්ධයක් ඉල්ලා සිටි අතර තමන් එය ලබා දුන් බවයි.

    ගාසා තීරයේ පලස්තීනුවන්ට ඉන් ඉවත්වන ලෙස ඊශ්‍රායල බලධාරීන් වෙතින් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ලැබුණත් තමන්ට යා හැකි තැනක් නොමැති බවයි පලස්තීනුවන් පවසයි.

    ඊශ්‍රායලය විසින් සැපයුම් අත්හිටුවීම සහ ඊජිප්තුව සිය දේශසීමා තර කිරීම ද මෙම තත්ත්වය උත්සන්න කර ඇති බව සඳහන්ය.

    තම දරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පරම්පරා ගණනක සාමාජිකයන් සමග තමන් ගාසා තීරයේ සරණාගතයන් බවට පත්ව සිටින බව පලස්තීනුවන් පවසයි.

    හමාස් ප්‍රහාරයට ගොදුරු වූ දකුණුදිග ඊශ්‍රායලයේ ප්‍රජාවන් සමග සම්බන්ධය යළි අත්පත්කර ගැනීමට හැකිවුවත්, තවදුරටත් ක්‍රියාකාරී හමාස් සන්නද්ධ පිරිස් සමග විටින් විට ගැටුම් ඇතිවෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.

    ගාසා දේශසීමාව ඔස්සේ පිහිටි ඊශ්‍රායල ගම්මානවල අනතුරු ඇඟවීමේ සංඥා ඊයේ රාත්‍රිය පුරා අසන්නට ලැබුුණු බව වාර්තා වෙයි.

    විශේෂයෙන් හමාස් රොකට් ප්‍රහාරයක් එල්ල වනවිට එම සයිරන් නලා හැඬවීම සිදුකෙරෙයි.

    ඊශ්‍රායලය විසින් පසුගිය දින දෙක තුළ ස්වෙච්ඡා භටයින් 300,000ක් සක්‍රිය සේවයට අනුයුක්ත කර තිබේ.

    ඒ අනුව මීට දශක දෙකකට පෙර ඊශ්‍රායලය විසින් අතහැර දමනු ලැබූ ගාසා තීරයේ, ගොඩබිම් ප්‍රහාරක මෙහෙයුමක් දියත් කිරීම එහි අරමුණ විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    මේ අතර, ඊශ්‍රායලය වෙත නව ගුවන් ආරක්ෂක පද්ධති, ආයුධ සහ මූනිස්සම් ඇතුළු අනෙකුත් ආරක්ෂක සහාය ලබාදෙන බව අමෙරිකානු පාලනය ප්‍රකාශ කළේය.

    ඊශ්‍රායල ප්‍රති ප්‍රහාරයෙන් මේ වනවිට ගාසා තීරයේ පලස්තීනුවන් 687 දෙනෙකු මියගොස් 3,726ක් තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    හමාස් සංවිධානයේ ප්‍රකාශක අබු උබයිඩා ප්‍රකාශ කළේ පෙර දැනුම්දීමකින් තොරව ඊශ්‍රායලය බෝම්බ හෙළන සෑම පලස්තීන නිවසක් වෙනුවෙන්ම, තමන් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයෙකු ප්‍රසිද්ධියේ මරා දමන බවයි.

    එම තර්ජනයට ඊශ්‍රායල හමුදාව ඍජු ප්‍රතිචාරයක් දක්වා නැත.

    ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලි කොහේන් ප්‍රකාශ කළේ පසුගිය සති අන්තයේ ගාසා තීරයේ සිට පැමිණි හමාස් සන්නද්ධ කණ්ඩායම් විසින් ඊශ්‍රායල වැසියන් 100කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

    මේ අතර, හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති ඊශ්‍රායල කාන්තාවන් සහ ළමයින් මුදාගැනීම පිළිබඳව කටාර් රාජ්‍යය, හමාස් සංවිධානය සමග සාකච්ඡාවක් පවත්වා තිබුණි.

    ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 36 දෙනෙකු නිදහස් කොට ඊශ්‍රායල වැසියන් මුදාගැනීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය.

    අමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබන එම සාකච්ඡාවල අරමුණ ලේ වැගිරීම් නතර කිරීම සහ ගැටුම් කලාපය පුරා පැතිරීම වැළැක්වීම බව කටාර් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මේ අතර ඊශ්‍රායලයේ යුදෙව්වන් සහ පලස්තීන ප්‍රදේශවල පලස්තීන ජනතාවට එරෙහිව සියලු ප්‍රචණ්ඩලත්වය හෙළාදකින බව රුසියාව ප්‍රකාශ කරයි.

    ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් එහිදී සඳහන් කළේ නිදහස් පලස්තීන රාජ්‍යයක් ඇති කිරීමේ සංකල්පය බැහැරලා, අමෙරිකා එක්සත් ජනපදය විනාශකාරී ප්‍රතිපත්තියකට එළැඹී සිටින බවයි.

    ඊශ්‍රායල – පලස්තීන ගැටුම් මැදපෙරදිග කලාපයේ වඩාත් පුළුල් අරගලයකට හේතුවිය හැකි බැවින් සාමයට එළැඹෙන්නැයි ඔහු දෙපාර්ශවයෙන් ඉල්ලා සිටියේය.

    ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරය හෙළාදැක, එරට ජයග්‍රහණය පැතීම පමණක් අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසීය.

    පලස්තීන ගැටලුවට විසඳුමක් ලබාදීමෙන් තොරව ස්ථාවරත්වයක් අපේක්ෂා කළ නොහැකි බවත්, 1967 වසරේ පැවති සීමාවන් තුළ ස්වාධීන පලස්තීන දේශයක යළි පිහිටුවීමේ අවශ්‍යතාව බටහිර රටවල් විසින් අමතක කරනු ලැබ ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

    පලස්තීනුවන්ගේ සමාජ – ආර්ථික ගැටලුවලට විසඳුමක් ලබාදීම සඳහා පලස්තීන රාජ්‍යයක් බිහි කිරීම අත්‍යවශ්‍ය බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

    අමෙරිකාව මැදපෙරදිග සාම සාකච්ඡා පිළිබඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට ද රුසියානු විදේශ අමාත්‍යවරයා චෝදනා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.