Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්වතුරින් අහිමිවන රු.බි. 80 ගැන හර්ෂ කියන කථාව
    Featured

    මත්වතුරින් අහිමිවන රු.බි. 80 ගැන හර්ෂ කියන කථාව

    By LFNOctober 10, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෘත්තිකයින්ට සහ සාමාන්යක මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා කරන බවට දැවැන්ත චෝදනාවක් එල්ලවී තිබෙන බවත් මෙම වංචාකරුවන්ට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේ මත්පැන් බෝතල්වල ඩිජිටල් කෝඩ් එකක් මුද්‍රණය කරනවාද ස්ටිකර් අලවනවාද කියා නිසි ඇගයීමකින් තොරව ආරක්ෂණ ස්ටිකර් ඇලවීම 2019 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බවයි.

    “දැන් මත්පැන් බෝතල්වල 85% ක ගහන්නේ ඩිජිටල් කෝඩ් එකක්. 15% යි ස්ටිකර් අලවන්නේ. මෙහිදී වංචාවක් සිදුවන බවට චෝදනා ආපු නිසා මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොකක්ද දන්නවද මෙහිදී අනාවරණය වෙලා තියනව කියන්නේ? නිළ වශයෙන් ස්ටිකර් 100 ක් ප්‍රින්ට් කරනකොට තව ස්ටිකර් සෙට් 10 ක් 15 ක් ගහනවලු.

    එතකොට, එකම අංකය තියන බෝතල් වෙළෙඳපොළේ තියනවා තව 10 ක් 15 ක් විතර. ස්ටිකර් එක ඇත්තද නැත්තද කියල බැලුවොත් ස්ටිකර් එක ඇත්ත. හැබැයි, එකම ස්ටිකර් එක තියන තව බෝතල් තියනවා. බොහෝදෙනකු කියන්නේ මේකට ඉහළ තැන්වල සුරාබදු නිළධාරීන් සම්බන්ධ වෙලා ඉන්නව කියලයි.“

    මෙම වංචාව නිසා ලැබිය යුතු බදු වලින් 40% ක් පමණ රජයට අහිමිවී යන බවට චෝදනා එල්ල වන බවත් මේ පිළිබඳව ගැඹුරින් සොයා බලා වංචාකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී අවධාරණය කළේය.

    චෝදනා එල්ලවන මෙම වංචාව වලක්වා ගැනීමට ආචාර්ය හර්ෂ ද සිල්වා විකල්ප යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළේය.

    “අපි යෝජනා කරනවා ඩිජිටල් කෝඩ් එක විතරක් ගහන්න කියලා. එතකොට වංචා කරන්න අමාරුයි. අනිත් එක තමයි මේ ඩිජිටල් කෝඩ් එක හරියට පේන්න ඕන. දැන් පේන්නේ නෑ. දැන් විශේෂ ලේසර් ටෝර්ච් එකක් ගහන්න ඕන මේක බලාගන්න. කාටද ලේසර් ටොර්ච් තියෙන්නේ? අපි කරන තවත් යෝජනාවක් තමයි, මෙයට සම්බන්ධ වන ආයතන දෙකක ඩිජිටල් කෝඩ් දෙකක් බෝතලේ තැන් දෙකකින් ගහන්න කියලා. එතකොට වංචා කරන එක ලේසි නෑ.“

    මීට අමතරව, මත්පැල් බෝතල්වල ස්ටිකර් ඇලවීම මගින් සිදුකර ඇතැයි කියන තවත් වංචාවක් පිළිබඳවද මන්ත්‍රීවරයා හෙළිකළේ මෙසේයි.

    “මේ ස්ටිකර් එකක් ගහන්න යන පිරිවැය රුපියල් 1.90 ක්ලු. ඩිජිටල් කෝඩ් එකේ පිරිවැය ශත 20 ක්ලු. හැබැයි, ශත 20 වුණාට රුපියල් 1.90 ක්ම ගන්නවා කියල තමයි කියන්නේ. සියයට 85% ක් ගහන්නේ ඩිජිටල් කෝඩ් එක. ඒකෙන් කොච්චර ගානක් රජයට අහිමි වෙන්න ඇතිද? වහාම ඒ මුදල් ආපසු අය කරන්න ඕන.“

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.