Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝකයේ බුද්ධිගලනය වැඩි රටවල් ලංකාවත්
    Featured

    ලෝකයේ බුද්ධිගලනය වැඩි රටවල් ලංකාවත්

    By LFNOctober 7, 2023No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙරිටේ රිසර්ස් ආයතනය සිදු කළ සමීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් සියයට 28කට පමණක් අයි.එම්.එෆ් ගිවිසුමෙන් වාසි සිදුවන බවත් එම අගය අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය නොලැබී යාමත් සමඟ තවත් පහළ වැටී ඇති බවත් හියුමන් ෆ්ලයිට් ඇන්ඩ් බ්‍රෙර්ය් ඩේ‍රයින් ඉන්ඩෙක්ස් එකට අනුව අප රට 2007-2023 අතර කාලයේ දළ වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරිමක සිටියත් මේ මොහොත වන විට එය 8.4ක් වී ඇති බවත් රටවල් 177ක සාමාන්‍ය අගය ද 5.42ක් බවත් අපේ රටේ අගය ලෝකයේ අගය පවා අභිබවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (7) පාර්ලිමේන්තුවේ දී බුද්ධිගලනය සම්බන්ධයෙන් වන විවාදයේ දී අදහස් දක්වමිනි.

    බුද්ධිගලනය සිදුවීමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතුන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් විරැකියාව, ව්‍යවසායකත්වය සදහා සුදුසු පරිසරයක් නොමැති වීම, දුර්වල සමාජ ආර්ථික ජීවන තත්ත්වය, වංචාව, දූෂණය, නිදහස නැති වීම, යුක්තිය පසිදලීමේ ක්‍රියාවන් ක්‍රියාත්මක නොවීම, යුදමය තත්ත්වය, අස්ථාවරත්වය ආදිය අභ්‍යන්තර සාධක ලෙසත් බාහිර සාධක ලෙස විදෙස් රටවල ඇති අඩු නිලධාරීවාදය, ඉහළ වැටුප්, ශිෂ්‍යත්ව, නිවාස සෞඛ්‍ය කේන්ද්‍ර කර ගත් සුබසාධන රාජ්‍ය, දේශපාලන ස්ථාවරත්වය, සාමකාමිත්ව ආදිය දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මේ වන විට අප රටේ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර යන බවත් ඒ අතර වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගණකාධිකාරී, තාක්ෂණ ශිල්පීන් සිටින බවත් එය ඛේදනීය තත්ත්වයක් බවත් ඉරාණය, යේමනය, උතුරු කොරියාව, මියන්මාරය ආදි බුද්ධිගලනය වැඩි රටවල් අතරට අප රටත් කෙමෙන් කෙමෙන් එක්වන බවත් මෙසේ බුද්ධිගලනය සිදුවන අභ්‍යන්තර හා බාහිර සාධක සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුවිය යුතු වුවත් වත්මන් රජය එවැනි අධ්‍යයනයක් සිදු කිරීමට උත්සාහ කර හෝ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    1974 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ බුද්ධි ගලනයක් සිදු වුවත් ඒ සම්බන්ධයෙන් වෙනමම කැබිනට් කමිටුවක් ස්ථාපිත කර සොයා බැලූ නමුත් වත්මන් රජය පාර්ලිමේන්තු කමිටුවක් හෝ මේ සම්බන්ධයෙන් ස්ථාපිත කිරිමට කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202602 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.