Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කාලගුණයෙන් දැනුවත් කිරීමක්
    Local News

    කාලගුණයෙන් දැනුවත් කිරීමක්

    By LFNOctober 5, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව සහ නැගෙනහිර පළාත්වලත්,පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය.

    එම දිස්ත්‍රික්කවල පවුල් 11,992කට අයත් පුද්ගලයින් 47,963ක් පීඩාවට පත්ව සිටී.

    පවුල් 220කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 10ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මේ අතර දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

    කොළඹ , ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව සදහන්.

    මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

    නිවාඩු දින දෙකට අදාළව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී තීරණය කරනු ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 202600 Views

    නෙළුව, මාදුගැට ප්‍රදේශයේ, ගිං ගඟෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මිය ගොස්…

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.