ඉන්දියාවේ සික්ම් ප්‍රාන්තයේ දී ඉන්දීය හමුදා භටයින් 23 දෙනෙක් අතුරුදන්ව ඇති බව එරට හමුදා ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රාන්තයට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා සාමාන්‍ය වැසියන් 5 දෙනෙක් මියගොස් තිබුණි.
එසේම ඉන්දීය හමුදා කඳවුරු කිහිපයක් මෙන්ම හමුදා වාහන කිහිපයක්ද ජලයට යටවී ඇති අතර ඒ හේතුවෙන් එම හමුදා භටයින් අතුරුදන්වී ඇති බව සඳහන් ය.
බලධාරීන් පැවසුවේ අතුරුදන් භටයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.