Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හරක් කටාට දුරකථනයක් දී තොරතුරු රැසක් ලබාගනී
    Local News

    හරක් කටාට දුරකථනයක් දී තොරතුරු රැසක් ලබාගනී

    By LFNOctober 5, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඒ අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ එම ආහාර පාන ලබා දෙන්නේද යන්නය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවේ ආපන ශාලාවෙන් කිරි තේ ඇතුළු අවශ්‍ය ආහාරපාන ලබාදෙන බවය.

    මේ අතර, හරක් කටා සහ කුඩු සළිඳු රටවල් රැසක සංචාරය කරමින් මෙරට අපරාධ ජාලය මෙහෙයවා ඇති බව විමර්ශකයින් අනාවරණය කරගෙන තිබේ.

    හරක් කටා හා කුඩු සලිඳු නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඩුබායි, ප්‍රංශය, ජර්මනිය, මැඩගස්කරය හා කෙන්යව ඇතුළු රටවල සංචාරය කරමින් මෙරට තුළ අපරාධ මෙහෙයවා ඇති බවට ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ එම රටවල මොවුන්ගේ අපරාධ ජාලයේ සාමාජිකයන් සිටින බවය.

    ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවයරාගේ හා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත තොරතුරු ලබාගැනීමේ අරමුණින් විදෙස්ගත අපරාධකරුවන්ගේ ජාලය හා සම්බන්ධවීමට හරක් කටාට සහ කුඩු සලිඳුට දුරකථනයක් ලබාදී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පසුගිය දිනවල හරක් කටාගේ සමීපතමයින් විසින් අපරාධ සඳහා භාවිත කළ ගිනිඅවි කිහිපයක්ම සොයාගෙන ඇත්තේ එම දුරකථනය මගින් ලබාගත් තොරතුරුවලට අනුවය.

    එමෙන්ම සෑම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනකම ස්ථවාර දුරකථනයකින් නියමිත කාලයක් සඳහා නිවසට දුරකථන ඇමතුමක් ලබාදීමටද හරක් කටාට අවස්ථාව සලසාදී ඇති අතර ඒ ඔහුට අවශ්‍ය කරන ඖෂධ ඇතුළු භාණ්ඩ පිළිබඳ දැනුම්දීම සඳහා බව විමර්ශන නිලධාරීන් පවසයි.

    මේ අතර හරක් කටාගේ නීතීඥයින් විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව විදෙස්ගතව සිටින ඔහුගේ බිරිඳට ද එම දුරකථන මාර්ගයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වෙයි.

    මේ අතර මෙම දුරකථනයට අමතරව හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකුගේ ජංගම දුරකථනයක්ද රහසිගතව භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    ඒ හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමට සහායදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයයි.

    හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වී මේ වනවිට අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වූ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායන අවස්ථාවේදී රැගෙන ගොස් ඇත්තේ අදාළ ජංගම දුරකථනය බවට ද අනාවරණ වී තිබේ.

    කඩවත ප්‍රදේශයේදී පුළුස්සා දමා තිබුණු එම ජංගම දුරකථනයේ කොටසක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයා ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.