ගම්පොළ නගරය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය.
ගම්පොල මිල්ලගහමුල ප්‍රදේශයේ සැමියා බිරිඳ හා දරුවන් මෙහි ගමන් කර තිබුණි.
ඒ ආසන්නයේ තිබූ ඉන්ධන හලකින් ඉන්ධන ද ලබාගෙන මීටර් 50ක් පමණ ඉදිරියට යමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර අවට පිරිස් එක්ව එම ගින්න මැඬලීමට උත්සහ ගත්තද ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය.
ගම්පොල නගර සභාව තුල හෝ ගිනි නිවීමේ ඒකකයක් නොමැතිකමින් ගම්පොල සිදුවන ගිනි ගැනීම් වලින් මහා විනාශයන් සිදුවන බව ජනතාව පවසති.
පසුගිය මාස කීපය තුළ පමණක් මෙම මාර්ගයේ මේ ආකාරයට ත්‍රීරෝද රථ 5ක් පමණ ගිනි ගනු ලැබීය.