Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»IMF දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි
    Political

    IMF දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි

    By LFNSeptember 29, 2023No Comments3 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

    “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇතිකිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.

    පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේදී බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා. වත්මන් බදු දැල තුළ සිටින කණ්ඩායමට අමතරව, බදු ගෙවිය යුතු පිරිස් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා. මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා.දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මේ වෙන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් සාකච්ඡා සියලුම ණය හිමියන් සමඟ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා.විදේශීය ණය ප්‍රශස්තකරණ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හුදකලා කර තිබෙන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. නමුත් විදේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ කිසිම රටක් අපට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර නැහැ. එම රටවල් ධනාත්මක ලෙස අපත් සමඟ එම සාකච්ඡාවල නිරතව සිටිනවා. දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වීමෙන් පසුව විදේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

    මේ පිළිබඳ කිසිවෙකු සෘණාත්මක හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මීට වසරකට පෙර මේ රටේ පැවති ආර්ථික තත්ත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එදා 70%ක්ව තිබූ උද්ධමනය අද 1. 3%ක දක්ව පහළ බැස තිබෙනවා. උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසරේ දේශීය වෙළෙඳ පොළේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 30%ක මට්ටමක පැවතුණා. අද වන විට එය 13% ක ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා. එම අඩු වීම මහා භාණ්ඩාගාරයටත් විශාල ශක්තියක් බව කිවයුතුයි. අද මෙරට විදෙස් සංචිත ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාමාන්‍ය පරිදි ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමග මේ වසරට වඩා එළැඹෙන වසරේ ආර්ථික වර්ධන මාර්ග සිතියම කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර තිබෙනවා.

    රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළයුතුයි. අප සෑම අවස්ථාවක ධනාත්මකව සිතිය යුතුයි. මීට වසර 20කට පෙර සිදුකළ යුතුව තිබූ මෙ‍රට ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ කුඩා රටවල් දියුණු වුණේ මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි. රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය අප දැන් පසුකරමින් සිටින බව කිවයුතුයි. ජනාධිපතිතුමා ගෙන යන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන ගියහොත් ස්ථීර ලෙසම අනාගතයේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකියි.පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින කණ්ඩායම්වලට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම සුබවාදී නොවිය හැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වතු කම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    October 14, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025

    අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

    October 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 202500 Views

    මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු…

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.