Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප් ගේ දේපොළ ව්‍යාපාර ගැන අධිකරණ තීන්දුවක්
    International

    ට්‍රම්ප් ගේ දේපොළ ව්‍යාපාර ගැන අධිකරණ තීන්දුවක්

    By LFNSeptember 28, 2023No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2016 වසරේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් දේපොළ වෙළඳ ව්‍යාපාරයෙන් සාර්ථකත්වය ලැබූ ව්‍යාපාරිකයෙකි.

    සිය පියා ගෙන් උරුම වූ ‘ට්‍රම්ප් මැනේජ්මන්ට්‘ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්‍රම්ප් ඕගනයිසේෂන් නැති නම් ට්‍රම්ප් සංවිධානය ලෙස නැවත නම් කොට ව්‍යාපාර කටයුතුවල නිරත විය.

    1983 වසරේ ඔහු නිව්යෝක් නුවර මෑන්හැට්න්හි මහල් 58කින් යුත් ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ල නිම කළ අතර, ෆ්ලොරීඩාවේ පාම් බීච්හි ‘මාර්-අ-ලාගෝ’ නිකේතන භූමිය මිල දී ගන්නේ 1985 වසරේ දී ය.

    2016 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්, ට්‍රම්ප් ඕගනයිසේෂන්හි කළමනාකරණ තනතුරුවලින් ඉවත් වී එම වගකීම් ඩොනල්ඩ් ට්‍රම්ප් (ජුනියර්) සහ එරික් යන තම පුතුන්ට පැවරුවේය.

    එහෙත් ට්‍රම්ප් ඕගනයිසේෂන් මූල්‍ය ලේඛන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය භාරයේ තබා ගැනීම මතභේදාත්මක කරුණක් වූයේ, ඔහු ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙනි.

    ට්‍රම්ප් ව්‍යාපාර සමූහයට එරෙහි ව පවරා තිබූ සිවිල් හමුවක තීන්දුව ඊයේ (26) ප්‍රකාශයට පත් කෙරුණේ, ඔහු ගේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අභියෝගයට ලක්කරමිනි.

    නිව්යෝක් නුවර මැන්හැටන්හි නිව්යෝක් ප්‍රාන්ත අධිකරණය ලබාදුන් එම තීන්දුව මඟින් ප්‍රකාශ වූයේ ඔහුගේ පවුලේ ව්‍යාපාරය වත්කම් අතිශයෝක්තියෙන් දක්වා විවිධ වරප්‍රසාද ලබා ඇති බවයි.

    ට්‍රම්ප් ව්‍යාපාර සමූහය මෙලෙස වංචා සහගත ලෙස කටයුතු කර ඇති බව තීන්දු කිරීම නිසා ඔහුට විශේෂයෙන් නිව්යෝක් ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතුවල නිරත වීම දුෂ්කර වේ.

    එමෙන්ම ඔක්තෝබර් 02 වැනිදා පැවැත්වීමට නියමිත නඩු විභාගයක දී නිව්යෝක් නීතිපතිනිය ට්‍රම්ප්ට එරෙහි ව චෝදනා ගොනු කිරීම මේ නිසා පහසු වන බව විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.

    නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරයා ඊයේ සිය තීන්දුව මඟින් නියෝග කළේ, ප්‍රාන්තය තුළ ව්‍යාපාරවල නිරත වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාගම්වලට ලබා දී තිබූ බලපත්‍ර අවලංගු කරන ලෙසයි.

    හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු ගේ පුත්‍රයන් වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරික් ට්‍රම්ප් ඔවුන් ගේ ව්‍යාපාරික වත්කම්වල ශුද්ධ වටිනාකම් වංචා සහගත ලෙස ඉහළ අගයක තබා ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

    එම වටිනාකම සුරාංගනා ලෝකයේ වටිනාකම් මිස සැබෑ ලෝකයේ වටිනාකම් නොවන බව විනිසුරුවරයා සඳහන් කර තිබේ.

    ‘that is a fantasy world not the real world’ යනුවෙන් විනිසුරුවරයා සඳහන් කර ඇත.

    මෙලෙස වංචා සහගත ලෙස වත්කම් ඉහළ අගයක සටහන් කිරීමෙන් ට්‍රම්ප් ව්‍යාපාර බැංකු සහ රක්ෂණ සමාගම්වලින් වාසිදායක කොන්දේසි ලබාගෙන ඇති බව අධිකරණයේ දී ප්‍රකාශ වී තිබේ.

    ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ සහ ‘මාර්-අ-ලාගෝ’ නිකේනතයේ අගය ද මෙලෙස වංචා සහතික ලෙස සටහන් කර ඇති අතර, ට්‍රම්ප් ටවර්හි වපසරිය තුන් ගුණයකින් ඉහළ නංවා සටහන් කර ඇතැයි විනිසුරුවරයා විශේෂයෙන් සඳහන් කර ඇත.

    හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අධිකරණ තීන්දුව ද තමාට එරෙහි ව ක්‍රියාත්මක දේශපාලන පළිගැනීමක් ලෙස සඳහන් කළ අතර, ඊට එරෙහි ව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.