Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
    Sport

    වනිඳු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

    By LFNSeptember 27, 2023No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය කර තිබෙනවා.

    ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

    තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබූ අතර ඒ අතරින් ක්‍රීඩකයින් තිදෙනෙකුට අනුමැතිය ලබාදී තිබුණේ ශාරීරික යෝග්‍යතාවයට යටත්වයි.

    එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුෂංකයි.

    කෙසේවෙතත් එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් වනිදු හසරංග තරඟාවලියට එක්කර ගැනීම සම්බන්ධයෙන් අවසන් මොහොත වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දෙගිඩියාවකින් පසුවූ බවයි වාර්තා වුණේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව ද අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඊයේ නිර්දේශ යොමුකර තිබුණා.

    ඒ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ අත්සනින් ලිපියක් යොමුකරමින්.

    ශාරීරික යෝග්‍යතාවට යටත්ව සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයින් තිදෙනා ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට ප්‍රථම එම ක්‍රීඩකයින්ගේ ආබාධ, එම ආබාධවල වර්ථමාන තත්ත්වය සහ ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් කැඳවීමෙන් අනතුරුව ඔවුන් එම තරඟාවලිය සඳහා සහභාගී කරවන ලෙසයි එම නිර්දේශවල දක්වා තිබුණේ.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අවසන් මොහොත් වනිඳු හසරංග ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

    කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක පිතිකරුවන් ලෙස සංචිතයට එක් කර තිබෙනවා.

    තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක් කර ඇත්තේ ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ දුෂාන් හේමන්තයි.

    මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ලහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුශංක පන්දු යවන්නන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

    අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද තරගාවලියට එක් කර ගැනීමටයි ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.