Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
    Sport

    වනිඳු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

    By LFNSeptember 27, 2023No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය කර තිබෙනවා.

    ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

    තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබූ අතර ඒ අතරින් ක්‍රීඩකයින් තිදෙනෙකුට අනුමැතිය ලබාදී තිබුණේ ශාරීරික යෝග්‍යතාවයට යටත්වයි.

    එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුෂංකයි.

    කෙසේවෙතත් එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් වනිදු හසරංග තරඟාවලියට එක්කර ගැනීම සම්බන්ධයෙන් අවසන් මොහොත වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දෙගිඩියාවකින් පසුවූ බවයි වාර්තා වුණේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව ද අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඊයේ නිර්දේශ යොමුකර තිබුණා.

    ඒ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගගේ අත්සනින් ලිපියක් යොමුකරමින්.

    ශාරීරික යෝග්‍යතාවට යටත්ව සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයින් තිදෙනා ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට ප්‍රථම එම ක්‍රීඩකයින්ගේ ආබාධ, එම ආබාධවල වර්ථමාන තත්ත්වය සහ ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් කැඳවීමෙන් අනතුරුව ඔවුන් එම තරඟාවලිය සඳහා සහභාගී කරවන ලෙසයි එම නිර්දේශවල දක්වා තිබුණේ.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අවසන් මොහොත් වනිඳු හසරංග ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

    කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක පිතිකරුවන් ලෙස සංචිතයට එක් කර තිබෙනවා.

    තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක් කර ඇත්තේ ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ දුෂාන් හේමන්තයි.

    මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, මතීෂ පතිරණ, ලහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුශංක පන්දු යවන්නන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

    අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද තරගාවලියට එක් කර ගැනීමටයි ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 20250119 Views

    දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික…

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.