Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂවරයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
    Local News

    චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂවරයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    By LFNSeptember 27, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ.

    ඔවුන් මේ බව සඳහන් කළේ ජිනිවා හී පැවැති වැඩසටහනකට එක් වූ අවස්ථාවේදීය.

    චැනල් ෆෝ නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන්ඩි පෙයාර් සහ එහි අධ්‍යක්ෂ ටොම් වෝකර් ජිනීවා හි පැවැති මෙම කථිකාවට එක්විය.

    බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් විකාශය කරනු ලැබු SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES යන වාර්තාමය වැඩසටහන හරහා හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට චෝදනා එල්ලකරනු ලැබීය.

    ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ, දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයත් සමගින්.

    අසාද් මවුලානා සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයෙක් ඒ නිසා නොවේද ඔහු මෙවැනි කතන්දරයක් ඉදිරිපත් කළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ රටින් පිටවනතුරු ඔහු එවැන්නක් පවසා නැහැ. ඔබ මේ තත්ත්වය දෙස බලන්නේ කොහොමද?

    බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂ ටොම් වෝකර්,

    “ඔහු සහරාන් සමඟ සෘජු සම්බන්ධයක් පැවැත්වුවාද යන්න මම දන්නේ නැහැ. ආසාද් මවුලානා එම හමුවීම සම්බන්ධීකරණයට එක්වූයේ ඇයිද කියා මට පැහැදිළි පිළිතුරක් ලබාදිය නොහැකියි. අවංකවම, සහරාන් සහ සලේ අතර එවැනි පූර්ව හමුවක් සිදුවූ බවට සාක්ෂි මා සතුව නැහැ. ඔහු වසර ගණනාවක සිට සලේ දැන සිටියා වෙන්න පුළුවන්. සලේ අනිවාර්යෙන්ම එවැනි හමුවකට සහභාගි වූයේද යන්න මම දන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026010 Views

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම…

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.