Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට තවත් යෝජනාවක්
    Featured

    රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට තවත් යෝජනාවක්

    By LFNSeptember 27, 2023No Comments4 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයාදෙන ආයතන අධීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළයුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

    එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය.

    රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

    “දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1,667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1,217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3,101ක ආදායම් ඉලක්කයක් මේ වසර සඳහා රජය බලාපොරොත්තු වෙනවා.

    “නමුත් මේ වනවිට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1,643ක් පමණයි.”

    “නමුත් මේ ආදායම එකතු කරගැනීම කළ නෙහැක්කක් නොවෙයි. ඒ නිසා අප කාරක සභාව විසින් රජය බලාපොරොත්තු වන ඉලක්කයට යෑමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා. එහිදී රජයට වැඩිම ආදායමක් ලබාදෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කාරත සභාව හමුවට කැඳවනු ලැබුවා.”

    “එහිදී අනාවරණය වූ ආකාරයට 2022 වසරේ මේ ආයතන විසින් නිසියාකාරව අදාළ බදු මුදල් එකතු කරගැනීමට සැලසුම් සකස් කළා නම් මේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකියාව තිබුණා.”

    “පසුගිය වසරේදී (2022) මෙරට පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව ලෙස දෙලක්ෂ අනූදෙදහසක් වාර්තා වී තිබෙනවා. මිලියන 22ක ජනගහනයක් සිටින රටේ බදු ලිපි ගොනු තිබෙන්නේ දෙලක්ෂ අනූදෙදහසක් පමණයි. ඒ අනුව මේ ලිපි ගොනුවලින් රුපියලක් හෝ බදු ගෙවා තිබෙන්නේ 10%ක් පමණයි.”

    “ඒ වගේම මෙරට සමාගම් එක්ලක්ෂ පන්දහසක් තිබෙනවා. එයින් බදු ගෙවනු ලබන්නේ සමාගම් 15%ක් පමණයි. රාජ්‍ය ආදායමෙන් 86%ක් එකතු වෙන්නේ සමාගම් 494කින් පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2500ක සේවකයන් පිරිසක් ඉන්නවා.”

    “රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි. මේ ආයතනවල පවතින අක්‍රමිකතා මැඩපැවැත්වුවහොත් අපිට බිලියන 500කින් ආදායම වැඩි කරගැනීමට හැකියාව තිබෙනවා.”

    “ශ්‍රී ලංකා රේගුව මගින් වසරකට රුපියල් බිලියන 360ක් සහ සුරාබදු ‌දෙපාර්තමේන්තුව මගින් වසරකට මිලියන 60ක් වශයෙන් රුපියල් බිලියන 500ක් පමණ අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතා නිසා රජයට අහිමිවී තිබෙනවා.”

    “උදාහරණයක් ලෙස ගතහොත් මේ රටේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් මාසිකව මත්පැන් බෝතල් මිලියන 50ක් පමණ නිෂ්පාදනය කරනවා. වසරක‌‌ට මත්පැන් බෝතල් මිලියන 540-600 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නිෂ්පාදනය කරන ප්‍රමාණයෙන් 40%ක් රාජ්‍ය බදු නොගෙවා වෙනත් ආකාරයකට වෙළෙඳපොළට යනවා.”

    “දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අයවිය යුතුව තිබෙනවා. මෙරට දැන් පවතින ක්‍රමය අනුව යම් සමාගමකට රජයට බදු නොගෙවා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒසේ අවස්ථාව ලබාදී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි.”

    “එම අභියාචනා 4 විභාග කිරීමට අවුරුදු 15ක් ගත වෙනවා. මේ නිසා රුපියල් බිලියන 904ක මුදල අය කරගැනීම වසර 15ක් තිස්සේ පමා වෙමින් තිබෙනවා.”

    “ඒ නිසා මේ ආයතන අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු කාරක සභාවක් වශයෙන් අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තාවක් ලබා දී තිබෙනවා. බදු වැඩි කිරීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා අලුතින් බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කරන බවට. නමුත් මේ යන විදිහට අලුතින් විවෘත වෙන්නේ ලිපිගොනු දසදහසක් පමණයි.”

    “රටේ ජනතාවට සහනාධාර ලබා දීම, සංවර්ධන කටයුතු, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු සියලු දේවල් කරන්නේ රාජ්‍ය බදු ආදායම මගිනුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම වැඩි කරගැනීම ගැන නැවත වරක් කල්පනා කළ යුතුයි. බදු අය කරගැනීමට ක්‍රමවේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි තීරණ ගත යුතු කාලය එළැඹ තිබෙනවා.”

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොමු කළ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. මේ අනුව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමත්, විදේශ සංචිත වැඩි කිරීමත් රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමටත් අවශ්‍යයි.”

    “පසුගිය සමයේ 95%ක්ව තිබූ ආහාර උද්ධමනය මේ වන විට -5%ක් දක්වා පහතට ගෙන ඒමට හැකිවී තිබෙනවා. උද්ධමනය 70% සිට 2.6%කටත්, ඩොලර් මිලියන 20ක් තිබූ විදෙස් සංචිතය ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගෙන තිබෙනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සම්බන්ධවයි. ඊට මූලික හේතුව රාජ්‍ය ආදායමෙන් 90%ක්ම බදු හරහා සපයා ගන්නා නිසයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.