Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සැඩ පහරට හසු වී හොකී ක්‍රීඩකයා මරුට
    Local News

    සැඩ පහරට හසු වී හොකී ක්‍රීඩකයා මරුට

    By LFNSeptember 22, 2023No Comments2 Mins Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ දී නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

    ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචි තාරුෂ දිනුවර නමැති ශිෂ්‍යයෙකි.

    ශිෂ්‍යයා, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවකු වන අතර, ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයකු බව ද වාර්තා වේ.

    ඔහු ඇතුළු හොකී කණ්ඩායම හෙට (23) දිනයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත ව තිබේ.

    පුහුණු වීම් නිමා වීමෙන් පසු පුහුණුකරු විසින් සිසුන්ට පාසල බලා පිට ව යන ලෙස දැනුම් දී ඇති නමුත් මිය ගිය සිසුවා වෙනත් සිසුන් කිහිප දෙනෙකු සමඟ කිරම ආරේ දිය නෑමට ගොස් ඇත.

    එහි දී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්ය.

    අනතුරු සිදු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ඈතින් සිසුවා ගේ සිරුර ගොඩගෙන ඇති අතර, ඒ සිසුවා දියේ ගිලී පැය තුනකට පමණ පසුවය.

    කිඹුල් තර්ජනය ද නොතකමින් ප්‍රදේශවාසීන් විසින් ගංගාවේ මෙම සෝදිසි කිරීම් සිදු කළ බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් සිසුවා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කළ ද ඔහු රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි බව වාර්තා වේ.

    කිඹුලන් ගහන වූ මෙම ගංගාවේ ප්‍රදේශවාසීන් පවා දිය නෑමෙන් වැළකී සිටින බවත් මිය ගිය සිසුවා දියට බට ස්ථානයේ ජල පහර ද ඉතා සැර බවත් ප්‍රදේශවාසින් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 202604 Views

    අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ…

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.