Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක මරණයක් ලොවම කලඹයි
    International

    අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක මරණයක් ලොවම කලඹයි

    By LFNSeptember 22, 2023No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.

    මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය වූ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

    මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී ඇත.

    ළමුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

    ඔවුන් පවසන්නේ හෙරොයින් මත්ද්‍රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්‍රීම වේදනා නාශකයක් බවය.

    පසුව මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී Fentanyl කිලෝවක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එමගින් මිනිසුන් ලක්ෂ 05කට පමණ මරණය ගෙන දිය හැකි බවද පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

    ඇය දුන් ඇමතුම්වලින් පසුව ඇයගේ සැමියා මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ එහි සිට මළු කිහිපයක් රැගෙන යන අයුරු ද CCTV දර්ශනවල සටහන්ව ඇති බවද පොලීසිය පවසයි.

    මෙම Fentanyl වේදනා නාශක භාවිත කිරීමෙන් එරට වාර්තාවන මරණ ගණන ද ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

    December 15, 2025

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    December 14, 2025

    මෙසී ඉන්දියාවට – කොල්කටා නුවරදී උණුසුම් පිළිගැනීමක්

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.