Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති
    International

    බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති

    By LFNSeptember 5, 2023No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

    කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා හමුවීමට මඟක් සොයාගන්න බව ඩෙලවෙයාහිදී වාර්තාකරුවන් අමතමින් ඔහු කියා සිටියේය.

    “I AM A DISSAPOINTED… BUT I AM GOING TO GET TO SEE HIM” අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුව සඳහා සහභාගිවන අතර ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතය.

    චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට පැමිණියහොත් චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළේය.

    ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකේ නායකයන් අතර එවැනි හමුවක් අවසන් වරට සිදුවූයේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති G-20 සමුළුවේදීය.

    මෙවර ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවට ජනපති ෂී ජින්පින් වෙනුවට අග්‍රාමාත්‍ය ලී චියං, චීනය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    G-20 සමුළුවට සහභාගිවීමෙන් අමෙරිකානු – ඉන්දීය සහයෝගීතාව ශක්තිමත් කරලීමට බලාපොරොත්තු වන බවත් ජනපති බයිඩන් කියා සිටියේය.

    එමෙන්ම වියට්නාමය සමඟ සබඳතා ඉහළ තලයකට රැගෙන ඒමට අදහස් කරන බව ජනපති ජෝ බයිඩන් සඳහන් කළේය.

    අග්නිදිග ආසියාවේ අමෙරිකාවට කළු පැල්ලමක් වූ වියට්නාමය අද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අමෙරිකාව සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන යයි.

    එහෙත් එය සිය බලගතු අසල්වැසියා වන චීනය උදහසට ලක්නොවන මට්ටමින් පවත්වාගැනීමයි වියට්නාමයේ අපේක්ෂාව වෙයි.

    ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර තුළින් ඒ සඳහා වියට්නාමය යොමුකරවා ගැනීමට අමෙරිකාව අඛණ්ඩව උත්සාහයක නිරත වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.